Sunday, September 4, 2011

ආයුබෝවන්

"මනෝ විල" වනාහි අලුතින් සයිබර් අවකාශයට එකතු වන තවත් එක් බ්ලොග් අඩවියකි. මෙම බ්ලොග් අඩවිය මනෝවිද්‍යාත්මක සංකල්ප සැමට තේරුම් ගත හැකි අයුරින් ඉදිරිපත් කිරීම මුක්‍ය පරමාර්ථය කර ගනිමින් අද දින ඇරබී ඉදිරියට ගලා යාමට උත්සහ දරයි. මනෝවිද්‍යාව වූ කලි බොහෝ දෙනෙකුට පත්තියන් නොවන විෂයකි, නොඑසේනම් බොහෝ දෙනෙකු නම අසු පමණින් ඉවත ලන විෂය පථයකි. මෙයට හේතුව වී ඇත්තේ මනෝවිද්‍යාව තුල නිතරම ගැවසෙන අපට පහසුවෙන ග්‍රහණය කර නොගත හැකි අංශය විශාල ප්‍රමාණය ඇති නිසාය. මනෝවිද්‍යාව සහමුලින්ම විස්තර කරනුවේ අපගේ මනස ක්‍රියාකරන ආකාරය හා එයින් වැඩ ගන්න ආකාරයයි. නමුත් අපගේ මනස පිලිබදව විස්තර වන මෙම විද්‍යාව අපට ඉතාම සමීප වියයුතුව තිබියදී, එය අපගෙන් මෙතරම් ඈත වන්නේ මන්දැයි සලක බැලීම කාලෝචිතය යයි මම සිතමි.

මනස අපගේ සිරුරේ ඇති ඉතාම වටිනා අංගයක් යයි කිවොත් මම කිසිසේත් වැරදි නොවේ, නමුත් මනස යනු කුමක් දැන් යමෙක් ඇසුවොත් එයට දිය හැකි පිළිතුර අපට එතරම් පැහැදිලි නොවේ. මනස යනු මොලයද, හදවතද නැත්නම් මේ දෙකේ එකතුවක්ද අදිවශයෙන් අපට ගැටළු මතු වෙයි. නමුත් මනස යනු තරමක් සංකීර්ණ සංකල්පයකි. එය අපට පියවි ඇසින් දැකීමට හෝ ස්පර්ශයෙන් දැනීමට ගෝචර නොවැව අපගේ මුළු සිරුරම පාලනය කරන වැදගත් ඉන්ද්‍රියකි. මනස යන සංකල්පය නිවැරදිව විස්තර කිරීමට මා මෙහිදී උත්සහ නොදරන්නේ එසේ වුව හොත් මෙම බ්ලොග් අඩවියද සාමාන්‍ය ජනයාගෙන් ඈත වූ තවත් එක් මනෝවිද්‍යා ලිපි එකතුවකට පමණක් සිමා වන බැවිනි. එය මගේ උත්සාහය නොවන අතර මනෝවිද්‍යාවේ වැදගත් සංකල්ප අපගේ එදිනෙද ජීවිතයට එක් කර ගන්න ආකාරය පමණක් මෙහිදී මා විමසුමට ලක්කිරීමට වෑයම් දරයි.

තවත් එක් කරුණක් පැහැදිලි කරගත යුතුව ඇත. එනම් මනෝවිද්‍යාව අපට මෙතරම් වැදගත් වන්නේ මන්ද යන්නය. මා මුලින් සදහන් කල සේම මනස අපගේ ශරීරයේ ඇති ඉතාමත් වැදගත් අංගයකි. මනස විසින් සියල්ල පාලනය කරයි. ඔබ මරණයට පත් වුවත් මනසේ යම් අවදි අනෙක් භවයට ගමන් කරන බවට විද්‍යාත්මක පරීක්ෂණ මගින් පවා සනාථ කර ඇත. මෙහිදී මා ඔබට ඉදිරිපත් කරන වැදගත් කරුණක් නැවත වරක් සිතීමට ඔබට අරදන කිරීමට කැමැත්තෙමි. මෙම කරුණ ඔස්සේ ඉදිරියට සිතීමෙන් පමණක්ම ඔබට ඔබේ ජීවිතයේ විසල වෙනසකට මගපාද ගන්නට හැකියාව ඇත. එම කරුණ වනාහි, එකම ආකාරයට උපදින අප මැරෙන මොහොත වනවිට කිසිදු සමාන කමක් නොපෙන්වීමය. මෙයට හේතුව අප විග්‍රහ කිරීමට උත්සාහ කළහොත් විවිධ මත පලවීම නිසැකයෙන්ම සිදු වේ. අප ඉපදෙන විට ඇගට වස්ත්‍රයක් වත් නැතුව මෙලොවට පැමිණේ, නමුත් පසුව සමහරෙක් විශාල වශයෙන් දියුණු වෙයි තවත් සමහරෙක් එදිනෙද කෑම වේලවත් සොයාගැනීමට නොහැකිව දුක් විදියි. එක් පුද්ගලයෙක් ලෝකයට මහානර්ග දෑ තිලින කර යයි, තවත් අයෙක් මතු පරන්පාර ගණනකට දනය රස කර තබා යයි, තව කෙනෙක් දෙමවුපියන් හම්බකර දුන් දෑ විනාස කර දමා යයි, තවකෙක් අන්ත අසරණව දිවිගෙවා ඔහුටවත් ප්‍රයෝජනයක් නොමැතිව මැරී යයි...මේ අයුරින් අපට බොහෝ වෙනස් චරිත දැක ගත හැකිය. මෙසේ වීමට හේතුව කිමක්ද? ඔහුගේ වාසනාවද? දෙමුපියන්ගේ ධනයද? පෙර කල පින්ද?

ලෝකයේ ජීවත් වූ විවිද වූ සාර්ථක මිනිසුන් ගැන සොයා බැලීමේදී මෙම පැනයට ඉතාම නිවැරදි පිළිතුර ලැබෙයි. එනම් මේ සියලු විපර්යාස සිදුවෙන්නේ ඒ පුද්ගලයා සිතන ආකාරය වෙනස් වීම අනුවය. සිතිවිලි රටාව වෙනස් කිරීම පමණක්ම පුද්ගලයකුගේ දියුණුවේ හෝ පරිහානියේ මාවත හෙළිපෙහෙළි කරයි. එනම් යම් පුද්ගලයකු සිතන ආකාරය වෙනස් කළහොත් ඒ පුද්ගලයා කවරෙක් උවත්, අද දවස කෙසේ ගතකරත්, ඔහු සතුව මොන දේ තිබුනත් නැතත් ඔහුට යාමට අවශ්‍ය තැනට යාමට කිසිදු බදකයක් ඇති නොවේ.

ඔබත් ඉදිරියට යාමට උත්සහ කරන, තමන්ගේ ජීවිතය සරුසරවත් කර ගැනීමට යම් වෙහෙසක් දැරීමට කැමති, එසේ වෙහෙසක් දරා තවමත් එතරම් සතුටුදායක ප්‍රතිපලයක් නොලත් අයෙක් නම් මෙහි ඇති කරුණු කරනා වලින් ලද හැකි උපකාරය අතිමහත්ය. මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යන මාද ජීවිතයේ ඉතාම පහල අඩවියක සිට ආරම්බ කර අද වන විට සැලකිය යුතු දියුණුවක් ලබා එම සතුට අත්විදින ජයග්‍රහකයෙකි. නමුත් මා ලබා ගත් ජයග්‍රහණය තනිව බුක්ති විදිමින් අනෙකුන් දුක් විදින ආකාරය බලා සැනසීමට තරම් මා කුහක නොවීමි. එහෙයින් මා මෙතෙක් ආ ගමන් මගේ මා ලද අද්දැකීම් ඔබ සමග බෙදා හදා ගැනීමට කැමැත්තෙමි. මෙහිදී මා විස්තර කරනුයේ මගේ අත්දැකීම් පමණක් වන අතර එම අත්දැකීම් සම්මත විෂය කොටස් වලින් යම් තාක් දුරකට බැහැර වීමටද ඉඩ ඇත. නමුත් මා ලද ජයග්‍රහණ, එම ජයග්‍රහණ ලබා ගත් ආකාරය, මා දුබල කල ප්‍රතිරෝදයන් ගැන කතා කිරීම මනෝවිද්‍යාවේ හරය ඉගැන්වීමට වැඩ පලදායක යයි මම සිතමි. මන්ද මෙහිදී මගේ බලාපොරොත්තුව මනෝවිද්‍යා විද්වතෙකු බිහි කිරීම නොවන අතර, ජීවිතයේ සාර්ථකත්වය ලබමින් තමන් බලාපොරොත්තුවන ජීවිතයක් ගත කරන ජයග්‍රාහකයෙක් බිහි කිරීමය.
 
 

No comments:

Post a Comment